කොරෝනා අවදානමක් නිසා පාසලක් සහ තව පාසලක පන්තියක් වහාම වසා දමයි.

covid19 school closed uva
By Gagana Nov 16, 2021 01:06 PM GMT
Gagana

Gagana

Report

හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හතරක දූදරුවන් සහ ගුරු මණ්ඩලය කිහිප දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා එක් විදුහලක් වසා තව පාසලක පන්ති වසා දැමීමට පියවර ගත් බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පවසයි.

කොස්ගම විදුහලේ ආසාදිත ගුරුවරුන් දෙදෙනකු හමු වීමත් සමග එම විදුහල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර සොරඟුණේ මහ විදුහලේ පළමු ශ්‍රේණිය, දහය ශ්‍රේණිය සහ එකොලහ ශ්‍රේණිය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව අසංක සම්පත් මහතා පැවසීය.

ආසාදිත දරුවකු හමුවීම නිසා අමිලගම විදුහලේ පහ ශ්‍රේණිය මේ වන විට වසා දමා තිබේ. මේ අතර ඉලුක්පැලැස්ස විදුහලේ තුන ශ්‍රේණියෙන් ආසාදිත දරුවකු හමුවී තිබේ. කෝවිඩ් රෝගීන් පාසල්වලින් මතු වීමට පටන් ගෙන තිබුණද දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩා නොවැටෙන අයුරින් දැනට මතුව ඇති කෝවිඩ් අවදානම පාලනය කිරීම සඳහා උපරිමයෙන් උත්සාහ කරන බවද හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW


ReeCha