අද පාසල් දෙවන අදියරය ආරම්භ වීමත් සමඟ, පාසලක ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වෙයි

Sri Lanka Police Ministry of Education Sri Lanka
By Sewvandhi Jun 06, 2022 08:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයින පුරා පාසල්වල පළමු වාරයේ දෙවන අදියර ආරම්භ වූ අද හැටන් නෝර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ගුරුවරුන් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඒ, පාසල් නිවාඩු සමයේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ පන්ති කාමරයකට ඇතුළු වූ පිරිසක් මත්පැන් පානය කර එහි තිබූ අල්මාරියක් ගිනි තබා විනාශ කිරීමට විරෝධය පළ කරමින්.

එමෙන්ම පාසලේ ජනේල කිහිපයකට ඔවුන් විසින් අලාභහානි සිදුකර තිබෙනවා. නෝර්වුඩ් පොලිසිය ප්‍රකාශ කළේ විදුහල්පතිවරයා කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha