දිවයිනේ බොහෝ පාසල්වල උසස් පෙළ ගුරුවරුන්ගේ හිඟයක්?

Report

ලංකා ගුරු සංගමය පවසන පරිදි, දිවයිනේ පාසල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ඉගැන්වීම සඳහා ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතී.

එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේ, මෙම හිඟය පිරවීම සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට රජය සතුව කිසිදු සැලසුමක් නොමැති බවයි.

පිල්ලයාන්ට අධිකරණය දුන් නියෝගය (UPDATE)

පිල්ලයාන්ට අධිකරණය දුන් නියෝගය (UPDATE)

"රජය නිරන්තරයෙන් පවසනවා ගුරුවරුන් 30,000ක හිඟයක් තිබෙන බව. එහෙත් මෙය පිරවීමට කිසිදු සැලසුමක් නැහැ. මේ වන විට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්වල ප්‍රධාන ගැටලුවක් ලෙස උසස් පෙළ ගුරු හිඟයක් පවතිනවා. සිටින ගුරුවරුන්ට දැන් බරපතළ ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ ඔවුන්ට දරාගත නොහැකි තරම් කාලසටහන් ලැබී තිබීමයි. උසස් පෙළ සඳහා විද්‍යාව, ගණිතය වැනි විෂයන් ඉගැන්වීමට ඉංග්‍රීසි මාධ්‍ය උපාධිධාරීන් අවශ්‍යයි. තොරතුරු තාක්ෂණ (IT) ගුරුවරුත් අවශ්‍යයි. ඔවුන් බඳවා ගැනීමට කිසිම සැලසුමක් නැහැ. මෙය බරපතළ අර්බුදයක්."

පාසල්වල ගුරු හිඟය වැනි හේතූන් නිසා අවිධිමත් උපකාරක පන්ති ක්ෂේත්‍රය වර්ධනය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා මෙවර අයවැයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩි විස්තර ලබා දෙමින් මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ, උපකාරක පන්ති ක්ෂේත්‍රය තුළ රුපියල් බිලියන 200කට වඩා වැඩි මුදලක් සංසරණය වන බවයි.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවයි!

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවයි!