ප්‍රසිද්ධ පාසලක 10 වසර ඉගෙනුම ලබන සිසුවෙකු සොයුරාගේ හැඳුනුම්පතින් දැරියක් සමඟ හෝටලයේ දින දෙකක් ඉඳලා

sinhala gossips gossip sinhala gossip sinhala news gossip lanka sinhala actress gossip news new gossip sri lanka sinhala gossips india gossips sinhala
By Gagana Dec 25, 2021 03:50 PM GMT
Gagana

Gagana

Report

තම වැඩිමහල් සොයුරාගේ හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාර දැරියක් තබා ගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු උඩුනුවර ළමා රැදවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා නියෝග කළේය.

ගම්පොළ ප්‍රසිද්ධ පාසලක 10 වසර ඉගෙනුම ලබන සිසුවෙකු නගරයේ තවත් බාලිකා පාසලක 10 වසර ශිෂ්‍යාවක් මෙලෙස හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇතැයි පොලිසිය අධිකරණයට පවසා තිබේ.

මොවුන් දෙදෙනා මාස 08ක පෙම්වතුන් වන අතර පසුගිය 19 වන දින අතිරේක පන්තියකට යන බව පවසා නාවලපිටිය ප්‍රදේශයේ දිය ඇල්ලකට ගොස් සවස් වන තුරු එහි කාලය ගත කර ඇත.

ඉන්පසු එදිනම දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයට ගොස් තිබේ.

මෙහිදී මෙම පාසල් සිසුවා ගමනට කලින්ම සූදානම් වී මුදල් සොයාගෙන තිබෙන්නේ ඔන්ලයින් පාඩම් සඳහා දෙමව්පියන් ගෙනදුන් ජංගම දුරකථන රුපියල් 7000 කට විකුණීමෙනි.

බාලවයස්කරුවන්ට හෝටල් කාමර නොදෙන බව දන්නා මෙම සිසුවා තමාගේ පෙනුමම ඇති වැඩිමල් සොහොයුරාගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන එය එම හෝටල් කාමරයට ඉදිරිපත් කර ඇත.

මේ අයුරින් හෝටලයේ මොවුන් දෙදෙනා එහි නතර වුවද දැරියගේ මව දැරිය නිවසට නොපැමිණී බවට ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් දමා තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබියදී දින 2කට පසු දැරිය යළි නිවසට පැමිණීමත් සමඟ පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමක දී තොරතුරු අනාවරණයවී ඇත.

පහළොස් හැවිරිදි දැරිය දූෂණයට ලක්ව ඇතැයි හෙළිවීම හේතුවෙන් සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි. වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරිය ගම්පොල රෝහලට ඇතුළත් කොට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now