පාසල් යන අතරමඟ හදිසියේම මියගිය පාසල් සිසුවා.

Police spokesman Sri Lanka Hospitals in Sri Lanka Death
By Hashini Nov 09, 2023 09:11 AM GMT
Hashini

Hashini

Report

කොබවක ගෝවින්න ප්‍රදේශයේ පාසල් සිසුවකු අද (09) උදෑසන පාසලට යද්දී නිවස අසල මාර්ගයේ ඇද වැටීමෙන් හොරණ රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමෙි ඡනපද පාර, කොබවක, ගොවින්න ලිපිනයේ පදිංචි 12 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවාගේ නිවසේ සිට පාසැල් යාමට බස් රථයක් ලබා ගැනීමට කිලෝමීටරයක පමණ දුරක් ගමන් කළ යුතුව තිබෙනවා.

අද උදෑසන එම දරුවාගේ පියා නිවසේ නොසිටීම හේතුවෙන් පාසැල් යාමට නිවසේ සිට පාගමනින් ගොස් ඇති අතර මාර්ගයේ මිටර් 500 ක් පමණ ගමන් කරන විටදි ක්ලන්තයක් සෑදි මාර්ගයේ ඇද වැටි තිබෙනවා.

කඩිනමින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇති බවට හොරණ රෝහල් පොලිසිය මඟින් බුලත්සිංහල පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ ගේ උපදෙස් මත වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගුණසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරනු ලබනවා.

දරුවා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අද හොරණ දිස්ත්‍රික් රෝහලේදී සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

ReeCha