සියලු පාසල් සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..විශේෂ පණිවුඩයක්.

Covid Sri Lanka Education School Dinesh gunawardhane
By Aruna Nov 17, 2021 04:47 AM GMT
Aruna

Aruna

Report

ලබන 22 වනදා අධ්‍යයන කටයුතු ආරම්භ කරන 6 සිට 9 ශ්‍රේණිවල සිසුන්ට දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසලට කැඳවීම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන පරිදි අර්ධකාලීන පදනමින් සිසුන් පාසලට කැඳවනු ලැබේ.

පන්තියක සිසුන් 20 කට වඩා අඩු නම් ඔවුන්ට දිනපතා පාසලට කැඳවනු ලැබේ.

කෙසේ වෙතත් සිසුන් 40ක් දක්වා වූ පන්තියක් සඳහා එක් දිනක් සිසුන්ගෙන් එක් කොටසකට ද ඊළඟ කොටසට පසු දින සිසුන්ට ද ආරාධනා කරනු ලැබේ.

ඇතැම් අවස්ථාවල දී සතියක් මුළුල්ලේ එක් කොටසක සිසුන් ද ඊළඟ සතිය සඳහා දෙවන කොටස සිසුන් ද සෞඛ්‍ය මාර්ගෝපදේශනය සඳහා කැඳවන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් ලබා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha