දිවයිනේ සියලුම පාසල් වලට විශේෂ දැනුම් දීමක්.
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා අද නිකුත් කළ අදහස
2021 වසර සඳහා උසස් පෙළ සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සඳහා තවමත් අයදුම් නොකළ සිසුන් සඳහා අයදුම් කිරීමේ දිනය දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අයදුම් කිරීමේ කාලය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.
මේ අතර කොවිඩ්-19 රෝගීන් සඳහා දේශීය වෛද්‍ය රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට අවස්ථාව සැලසී තිබුණ ද එම රෝහල්වලට රෝගීන් සෘජුව ඇතුළු කර ගැනීම සඳහා තවදුරටත් අවස්ථාව ලබාදී නැති හෙයින් කඩිනමින් එම අවසරය ලබාදෙන ලෙසත් එවිට බටහිර වෛද්‍ය ක්‍රමය පවතින රෝහල් තුළ පවතින අධික තදබදයට පිළියම් ලැබෙන බවත් ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.
එමෙන් ම, එළඹෙන 30 වන දා රට සම්පූර්ණයෙන් ම විවෘත කිරීම කිසිසේත් ම නොකළ යුතු බවත් එම සංගමය පවසයි.
ඊයේ (අගෝස්තු 26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා මෙසේ පැවසීය.
වෛද්‍ය හෙන්දාවිතාරණ මහතා පැවසුවේ, දැනටමත් කොවිඩ්-19 රෝගීන් සඳහා සිදු කරන දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඉතා සාර්ථක බවය.
රෝගය වැළඳුණු වූ අයට මෙන්ම ම, රෝගය වැළඳීම වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ඖෂධ සහ මෙවැනි වෛරස නසන ඖෂධ පවතින හෙයින් බාධාවකින් තොරව එම ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව රජය විසින් ලබා දිය යුතු වුවත් දැන් සිදුවන්නේ බටහිර වෛද්‍ය අංශය විසින් දේශීය වෛද්‍ය අංශය පාලනය කිරීම බව හෙන්දාවිතාරණ මහතා පැවසීය.
කළ යුත්තේ, බටහිර වෛද්‍ය ක්‍ෂේත්‍රයට අවශ්‍ය පරිදි දේශීය ආයුර්වේද රෝහල් ඔවුන්ට පවරා ගැනීම නොවන බවත් දෙපාර්ශ්වය ම සහයෝගයෙන් මෙම අනතුර පහකර ගැනීම බවත් ඔහු පැවසීය.
දේශීය වෛද්‍යවරු ලෙස බලාපොරොත්තු වන්නේ දෙපාර්ශ්වය ම සහයෝගයෙන් කටයුතු කිරීම බව ද පැවසීය.
එමෙන් ම, එළඹෙන 30 වන දා රට විවෘත වන්නේ, නම් එය සම්පූර්ණ විවෘත කිරීමක් නොකළ යුතු බව හෙන්දාවිතාරණ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද පැවසීය. "නමුත් අපට අවශ්‍ය ඒ ඇගයීම ලැබෙන්නේ නැහැ.
දෙපාර්ශ්වයේ ම වෛද්‍යවරුන්ගේ මූලික වැටුප් සමාන තලයක තිබුණ ද දීමනා ආදී සෙසු වරප්‍රසාද අහසට පොළව වගෙයි.
අපි විශ්වාස කරනවා ලබන අයවැයෙන් හෝ අපට අවශ්‍ය ඇගයීම ලබා දෙයි කියලා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
