මෙරට සියලු පාසල් විවෘත කරන්න යයි!!..ඒ සඳහා සියල්ල සූදානම්.
පාසල් විවෘත කිරීම සඳහා තවදුරටත් බලා සිටිය යුතු නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
ආසාදිතයන් වාර්තා වුවද බොහෝ බටහිර පාසල් විවෘත කර ඇතැයි පෙන්වාදෙන ඒ මහත්මිය කොරෝනා වසංගතය හේතුවෙන් වසරේ මැයි මාසය වනවිට ලෝකයේ පාසල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක පමණක් බවද පෙන්වා දෙයි.
මේ අතර පාසල් නැවත ආරම්භයේදී ප්‍රමුඛතාවය දියයුතු ශ්‍රේණි පිළිබඳව මේ වනවිට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පැවසීය.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ඔක්තෝබර් මැද භාගය වනවිට පාසල් නැවත ආරම්භ කිරීමේ සැලැස්මක් ඇති බවය.
ප්‍රධාන මාධ්‍ය ආයතනයක වැඩසටහනක් සමග සම්බන්ධවෙමින් එල්. එම්. ඩී ධර්මසේන මහතා ඒ බව පැවසීය.
"උසස් පෙළ ළමයින්, සාමාන්‍ය පෙළ ළමයින් සහ ශිෂ්‍යත්ව ළමයි ටිකට මුලින්ම පාසල් සූදානම් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.
ඔක්තෝබර් මැද වගේ වෙනකොටවත් කියලා අදහස තියෙනවා.
ඒ තීරණය හරියටම කියන්න බෑ. අපිට නියෝග කරලා තියෙන්නේ පාසල් පටන් ගන්න පුළුවන් ළඟම දිනයේදී පටන් ගන්න දැන් සිටම පාසල් සූදානම් කරන්න කියලා.
ඒ අනුව ඉදිරි කාලයේදී අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සැලැස්මක් සකස් කරනවා.
ඩෙල්ටා එන්න ඉස්සෙල්ලා අපි කොවිඩ් එක්ක පාසල් පැවැත්වුවා. විභාගත් පැවැත්වුවා.
ඒ නිසා ඉදිරි කාලයේදී අපි සැලැස්සමකට වැඩ කරන්න ඕනේ." නැවත පාසල් ආරම්භ කිරීමේ වැඩසටහන අඩු ළමුන් සංඛ්‍යාවක් සිටින පාසල්වලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී සඳහන් විය.
කෙසේවෙතත් නැවත පාසල් ආරම්භ කිරීම රඳා පවතින්නේ කොවිඩ් රෝගය පැතිරයෑම සහ පැතිරයෑමේ සීඝ්‍රතාවය මත බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
