පාසල් ආරම්භ කිරීමේදි ක්‍රියා කළ යුතු ආකාරය ගැන විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Education School Hemantha herath
By Aruna Oct 13, 2021 06:41 AM GMT
Aruna

Aruna

Report

පාසල් ආරම්භ කිරීමෙන් පසු දරුවන් ට හැකි තරම් නැවත පාවිච්චි කළ හැකි මුඛ ආවරණ ලබාදිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

පාසල් ආරම්භයෙන් පසුව රෝගීන් වාර්තාවීම අවම කර ගැනීමට නම් සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපැඳිය යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

පාසල් යෑමට නිවසින් පිටවූ අවස්ථාවේ සිට නැවත නිවසට පැමිණෙන තුරු සිදුකළ යුතු ක්‍රියාදාමය පිළිබඳ වැඩපිළිවෙලක් දැන්සිට ම සකස් කළ යුතු බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

"නිවසින් පිටත් වු අවස්ථාවේ සිට නැවතත් නිවසට පැමිණෙන තෙක් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව වැඩපිළිවෙලක් දැන්ම ම සකස් කරලා, පාසල් ආරම්භ කිරීමට ප්‍රථම ගුරුවරු හා දෙමාපියන් විසින් හරියාකාරව වෙනවා ද බැලීමට පෙරහුරුවක් වුණත් කරලා බැලුවට වරදක් නෑ කියලා මම හිතනවා.

එය නිසි ආකාරව කළොත් නැවත පාසල් වහන්නේ නැතුව දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය වාතාවරණය අපට ගොඩනඟා ගන්න පුළුවන්. සිසුන්ව නිසි පරිදි කළමනාකරණය කිරීම වැදගත් වෙනවා.

විවේක කාලය සහ කැන්ටින් හා ක්‍රීඩා පිට්ටනියේ දරුවන් හැසිරෙන අවස්ථාවන් හිදී අවශ්‍ය කරන මුලික උපදෙස් ලබාදීලා දුරස්ථභාවය ආරක්ෂා වෙන ලෙස කටයුතු කිරීම වැදගත්.

ඒ වගේම මුව ආවරණ භාවිත කිරීමේ දී දරුවන්ට මගේ පුද්ගලික මතය තමයි හැකි තරම් නැවත භාවිත කළ හැකි මුව ආවරණ භාවිත කිරීම.

මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රමිතියකට යටත්ව අදාළ මුව ආවරණ මසා ගැනීම සඳහා කරන පතරොම් අපි ප්‍රකාශයට පත්කරලා තියෙනවා.

ඒවා භාවිත කරමින් නැවත භාවිත කළ හැකි මුව ආවරණ භාවිතයට උනන්දු කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha