මෙරට පාසල් විවෘත කරන්න යන විදිය මෙන්න..දරුවන්ට අවධානම් තත්ත්වයක්?..

Covid Sri Lanka Education School Vaccines
By Aruna Sep 05, 2021 03:05 AM GMT
Aruna

Aruna

Report

සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා එල්ල කළේ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවී ඇත්තේ කොරෝනා පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම හේතුවෙන් බවයි.

නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකම කොරෝනා ආසාදිතයින් 14,223 දෙනෙකු පසුවන බව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේද කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළා.

පුද්ගලයින් 52,361ක් අදාළ ක්‍රමවේදය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඉන් 37,448ක් සුවය ලබා ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

අදාළ ක්‍රමවේදය යටතේ සිටි ආසාදිතයින් 607 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුවීමට නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා ලියාපදිංචි විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කියා සිටියා.

මේ අතර, ඇතැම් විදේශ රටවල ක්‍රියාත්මක වන ආකාරයට සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් ආරම්භ කළ හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ.

මේ අතර මහනුවර ජාතික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු මහල් පහකින් යුත් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පිළිකා රෝගියෙකු ද වන මොහු අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙක්. එසේම අගෝස්තු 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ හමුවූ තවත් ආසාදිතයන් 4,725 දෙනෙකුගේ තොරතුරු ඊයේ දිනයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඔවුන්ගේ වෙබ් අඩවියට එක් කර තිබුණා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 458,766 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 10 ක සංචාරකයින්ට පනවා තිබූ තහනම හෙට සිට ඉවත් කිරීමට පිලිපීනය පියවර ගෙන තිබෙනවා.

මේ අතර සයිනොෆාම් එන්නත මෙරටදී ලබාදුන් සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා.

එසේම තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha