කොරෝනා අතරේ පාසල් ඇරඹීමේ නව සූදානමක්...පටන් ගන්න හැටි මෙන්න.
හත්ලක්ෂයක් පමණ වන එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රධාන පුවත් පතකට ඊයේ (27 වැනිදා) පවසා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට මෙන්ම පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද එන්නත් ලබාදෙන බවත් එම දෙපාර්ශ්වයේම සිටින්නේ දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ පිරිසක් බවත් ලේකම්වරයා කීවේය.
ජූලි මස දී පාසල් ආරම්භ කිරීමට සැලසුමක් ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරනවාද?
හැකි ඉක්මනින් එන්නත් ලබාදීමට හැකි වුවහොත් ජූලි මස දී පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ මහාචාර්යවරයා කෙසේ වුව ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් කිව නොහැකි යැයි ද සඳහන් කළේය.
එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට නොහැකි වුවහොත් එක් මාත්‍රාවක් ලබා දී හෝ පාසල් ආරම්භ කිරීම අරමුණ යැයි ද ඔහු කීවේය.
දැනට දින නියම කර ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග තවදුරටත් කල් දැමීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති යැයි ද ඒ පිළිබඳ තීරණයක් ගැනෙන්නේ ඉදිරියේ දී උද්ගත වන තත්ත්වයන් මත යැයි ද ලේකම්වරයා සඳහන් කළේය.
පාසල් ආරම්භයට පෙර සිසුන්ටත් එන්නත
පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත් ලබා දිය යුතු බව ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු පවත්වා ගෙන යාමට අදාළව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද අමාත්‍යාංශයට පසුගිය සතියේ යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පාසල් ආරම්භයට පෙර සිසුන්ටත් එන්නත ලබා දිය යුතු බවට වන යෝජනාවක් ද එහි අන්තර්ගත විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
