පාසල් සඳහා නිකුත් කළ නව මාර්ගෝපදේශ මෙන්න

school Sri lanka Covid guidelines
By Sithumi Nov 18, 2021 04:59 PM GMT
Sithumi

Sithumi

Report

ලබන සතියේදී පාසල් වල සෙසු ශ්‍රේණි ආරම්භ කිරිමට අදාල මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සෞඛ්ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 

 පාසල් සිසුවෙකු කොවිඩ් ආසාදනයට ලක් වුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසයි. අවුරුදු 20න් ඉහළ රෝගාබාධවලින් පෙළෙන අය සදහා ද කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 

 කොවිඩ් පොකුරු හටගැනිමේ අවදානමක් සහිත ප්‍රදේශවල කඩිනමින් බූස්ටර් එන්නත ලබාදීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now