විනිසුරුවන් 6දෙනෙකුගේ වැඩ තහනම් - මෙන්න හේතුව
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විවිධ අධිකරණවල විනිසුරුවරුන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් නඩු කටයුතුවලදී සාක්ෂි මෙහෙයවීමේදී සිදු වූ අඩුපාඩු කිහිපයකි.
වැඩ තහනම් කළ විනිසුරුවරුන් අතර, හිටපු මඩකලපුව මහේස්ත්‍රාත්වරයා, මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, මහියංගනය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ සහ සේවා කාලයෙහි ආරම්භක අවධියේ සිටි තවත් මහේස්ත්‍රාත්වරුන් තිදෙනෙකු ද ඇතුළත් වේ.