සැප වාහනෙන් පොලිස් අණ නොතකා පයින්න ගිහින් අත්අඩංගුවට, වාහනේ ඇතුළේ හිටපු කෙනා බලන්නකෝ

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news Breaking News
By Kaushi Aug 09, 2025 04:24 AM GMT
Kaushi

Kaushi

Report

මිලි මීටර් 9 පිස්තොලයක් සමග පොලිස් අණ නොතකා පලා ගිය සැකකරුවෙකු වටවල පොලිසිය මගින් මාර්ගය හරස් කර අත්අඩංගුවට ගත් බව වටවල පොලිසියේ පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අඳාළ සැකකරු ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ සිට තම බිරිද සමග නුවරඑළිය තෙක් ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේ වටවල පොලිසිය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් ජීප් රථය නතර තර පරික්ෂා කර ඇත.

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

එවිට ජීප් රථය තුල මිලි මීටර් 9 පිස්තොලයක් තිබෙන බව දැක සැකකරුගෙන් පිස්තෝලය භාවිතා කිරිමට බලපත්‍රයක් තිබේද යන්න විමසන විට සැකකරු ගිනි අවියද සමග ජීප් රථයෙන් නුවරඑළිය දෙසට පලා ගොස් ඇති බව වාර්තා වේ.

එහිදී කඩිනමින් සිද්ධිය පිලිබදව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරිමෙන් පසුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස වටවල රොසැල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි වටවල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ට දැනුම් දී ඇත.

ඒ අනුව ඔවුන් රොසැල්ල ප්‍රදේශයෙන් වෑන් රථයක් හරස් කර ජීප් රථය නතර කර සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

එසේම අඳාළ සැකකරු ධාවනය කළ ජීප් රථය පරික්ෂා කිරිමේදි ජීප් රථය තුල සැකකරුගේ නිවසේ හුරතලයට ඇති කලේ යැයි කියන මුගටි පැටවෙකුද සිට පොලිස් භාරයට ගෙන ඇති බව පවසයි.

මේ අතර සැකකරු ළඟ තිබියදී පොලිස් භාරයට ගත් ගිනි අවිය සමග භාවිතා කිරිමට මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩයක්ද සොයා ගෙන ඇත.

එසේම ගිනි අවිය භාවිතා කිරිමට සැකකරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කළ බලපත්‍රයක්ද පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එම බලපත්‍රය නීත්‍යානුකූව ලබා ගත් එක්කද යන්න සොයා සනාථ කර ගැනීමට අවශ්‍ය බැවින් සැකකරු, ගිනි අවිය සහ බලපත්‍රයක් නොමැතිව මුගටි පැටවෙකු ලග තබා ගැනීමේ චොදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මේ අතර පොලිස් අණ නොතකා රිය ධාවනය කිරිම සම්බන්ධයෙන් සැකකරු පොලිසිය වෙත කියා ඇත්තේ වාහන සීසර්වරුන් පිරිසක් තමන්ගේ වාහනය පසුපස ලුහු බදින හෙයින් තම ජීප් රථය පොලිස් අණ නොතකා ධාවනය කළ බව‍යි.

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ