බස් රථයක් ඇතුළේ බිහිසුණු ආයුධ ප්‍රහාරයක්, කාන්තාවකට අසාධ්‍යයි

Report

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම් පොළේ බස් රථයක් තුළ දී පුද්ගලයෙක් විසින් අද (09) දින පෙරවරුවේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඇති පුවතක් වාර්තා වේ.

ඒ බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථයක් තුළ දීයි.

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

අද මෙයාලට වතුර නෑ - මණ්ඩලෙන් විශේෂ දැනුවත් කිරීමක්

එසේම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පලා යන විට බස් රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයක රියදුරෙක් ඔහුව අල්ලා කණුවක බැඳ ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පොලිසිය පැමිණ එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව කළ විමසා බැලීමේදී අත්අඩංගුවට පත් සැකකරු පවුල් ආරවුලක් මත අඳාළ පහරදීම සිදු කළ බව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

අද අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන වස්තු සම්භාර ලැබෙන දිනයකි.

මෙසේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ කාන්තාව බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි තැන්තියක්.

එසේම මේ වන විට ඇයව බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත්කර තිබෙන අතර පසුව ඇයව දියතලාව මූලික රෝහලට ද මාරුකර යවා ඇති බව සඳහන්.

තවද දියතලාව මූලික රෝහලට මාරුකර යැවූ ඇයගේ තත්ත්වය බරපතළ වූ නිසා නැවත බදුල්ල මහ රෝහල වෙත ද මාරුකර යවා ඇති බව සඳහන්.

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන සියල්ල දැනගත යුතු විශේෂ නිවේදනයක්

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන සියල්ල දැනගත යුතු විශේෂ නිවේදනයක්