මහා ඇසළ මංගල්‍යය එසේ නිම වෙයි, ගැටඹේ ගංතොටේදී දිය කපයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසානය සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ චාරිත්‍රය අද (9) දින පෙරවරුවේ සුබ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදු කර තිබෙනවා.
ඒ අනුව අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර සිව්මහා දේවාලයන්හි පෙරහර සමග ගැටඹේ මහවැලි ගං තොටදී මෙම දිය කැපීමේ චාරිත්‍රය ඉටුකර තිබෙන බව වාර්තා වේ.
මේ අතර දියවඩන නිලමේ ප්‍රධාන සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සම්ප්‍රදානුකූලව පෙරහැර සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව මෙවර ඇසළ මහ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත් වන බව සඳහන්.