පාසල් දරුවන් වෙනුවෙන් කරනවනම් මෙන්න සුපිරි වැඩක්..වතුකරයෙන් අරඹයි.

By Aruna Dec 02, 2024 01:40 AM GMT
Report

වතුකරයේ ළමුන් පිරිසක් සිංහල භාෂාව අමතර භාෂාවක් ලෙස හදාරා එම ළමුන් විසිර යාමේ උත්සවයක් හැටන් දික්ඔය නගර ශාලාවේදි පැවැත් වුණා.

දමිල භාෂාවෙන් ප්‍රාථමික අංශයේ සිට උසස් පෙල දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 50 දෙනෙකු හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ ස්වෙච්ඡා ගුරුවරියක් වශයෙන් සේවය කරන එම්.එස්.බේගම් මහත්මිය විසින් නොමිලේ සිදු කරන සිංහල ඉගැන්විමේ පාඨමාලාව හදාරා එම සිසු සිසුවියන් පිරිස විසිර යාම සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

‘ආණ්ඩුව පරිණත නෑ.. කරන වැඩ නිසා අපටත් ඉන්න විදහක් නෑ..’ මාලිමාවේ ප්‍රබලයෙක් ගෙන් රතු එළියක්..

‘ආණ්ඩුව පරිණත නෑ.. කරන වැඩ නිසා අපටත් ඉන්න විදහක් නෑ..’ මාලිමාවේ ප්‍රබලයෙක් ගෙන් රතු එළියක්..


බේගම් මහත්මිය කියා සිටියේ, සියළු ජාතින් අතර සහජිවනය ඇති කිරිමේ අරමුණින් සහ දමිල දරුවන් අනිවාර්යෙන්ම අමතර භාෂාවක් ලෙස සිංහල භාෂාව කතා කිරීමට සහ ලිවීමටත්, සිංහල සංස්කෘතිය පිලිබදව දැන සිටිය යුතු නිසා තමන් නොමිලේ වතුකරයේ දමිල ළමුන්ට සිංහල භාෂාව සහ අක්ෂර පිලිබදව ඉගැන්වීම සිදු කල බවත්, මේ සදහා තම පවුලේ සමාජිකයන්ගේ සහය ලැබුණු බවයි.

ළමුන් විසිර යාමේ උත්සවයේදි සිංහල සහ දමිල සංස්කෘතික අංග කිහිපයක් සහ නරිබැණා වේදිකා නාට්‍ය ද ඉදිරිපත් කෙරිණ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ.එච්.එම්.ෆස්ලාන් මහතා සහභාගි වු අතර, උත්සවය සදහා එම ළමුන්ගේ දෙමව්පියන්ද සහභාගීවී සිටියහ.

You May Like This Video