ප්‍රසිද්ධ පාසලක සිසුවියන් දෙදෙනෙක් පාසල් නිල ඇදුම් ගලවා දමා කොටට ඇදන් මුහුණු පොතේ පෙම්වතුන් බලන්න ගිහින්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Ministry of Education Education
By Aruna Aug 16, 2023 04:47 AM GMT
Aruna

Aruna

Report

පොලීසියට හසුවේ පාසල් යන බව පවසා නිවසින් පිටත්ව පාසල් නොයා පාසල් නිල ඇදුම් සගවා මුහුණු පොතෙන් පමණක් හදුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සදහා කුරුණෑගල නගරයට පැමිණ සිටි දහසය හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන දෙමව්පියන්ට බාර දී තිබෙනවා.

මේ බව කුරුණෑගල මුලස්ථාන පොලිසිය පවසනවා.

මෙම ළාබාල සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ මුහුණු පොතේ පෙම්වතුන් සමග හමුවී තිබෙන්නේ කුරුණෑගල මුලස්ථාන පොලිසියේ නිළධාරීන් විසින් දෛනිකව කුරුණෑගල වැව රවුමේ සිදු කරනු ලබන සෝදිසි කිරීමකදියි.

ඔවුන් මින් පෙර දැක නැති බවත් මුහුණු පොතෙන් හදුනාගෙන ඔවුන් හමුවීමට පැමිණෙන ලෙස කියූ පසු ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ReeCha