වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට දිනයේ පාසල් කිහිපයක් හදිසියේම වසා දැමේ..

Ministry of Education Sri Lankan Schools Latest Headlines School Children
By Sewvandhi Sep 10, 2024 02:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,ජනාධිපතිවරණ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් කලින් වසා දැමීමට කටයුතු කළ බවයි.

 පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක සඳහන් කළේ, ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය හෙට (11) සිටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය 13 දා සිටත් වසා දැමෙන බවයි.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබෙනවා. එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් දෙක විවෘත කිරීම ලබන 24 වෙනිදා සිදු කරනවා