දිස්ත්‍රික්කයක සියලුම රජයේ පාසල් හදිසියේ වසා දමයි..

Weather Education Jaffna School closed
By Aruna Nov 09, 2021 03:04 AM GMT
Aruna

Aruna

Report

උතුර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි අද ඇති විය හැකියි.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයට බලපෑ මිලිමීටර් 200ක අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල්වලට අද දිනයේ නිවාඩු ලබාදෙන බව යාපනය දිස්ත්‍රික් ලේකම් පැවසීය.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, ගංඟා සහ ඔයවල් රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත්බිම්වල ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.

ඒ අනුව නිල්වලා ගඟ සහ ගිං ගඟ මෙන්ම අත්තනුගලුඔය ආශ්‍රිත පහත්බිම්වල ජනතාව ද දැඩි අවධානයෙන් පසුවිය යුතු වනවා.

එසේම මහඔයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අලව්ව, දිවුලපිටිය, මිරීගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරාම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ කිහිපයක පහත් බිම්වල ජල ගැලීම් තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha