රට පුරා පාසල් දරුවන් සම්බන්ධයෙන් ඇහෙන අසුභ පුවත..

By Sithumi Dec 01, 2022 02:34 PM GMT
Sithumi

Sithumi

Report

පාසල් දරුවන්ගේ කෘශ භාවය ඉහළ ගොස් ඇති බව පෝෂණ මාසය තුළ සිදුකළ සමීක්ෂණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අනාවරණ කරගෙන තිබෙනවා ඒ වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර මන්දපෝෂණය හා කෘශභාවය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි තහවුරු කරගැනුණු පසුබිමකදි.

සෑම වසරකම ඔක්තෝබර් පෝෂණ මාසයට අදාළව අවුරුදු 5ට අඩු දරුවන්ගේ බර සහ උස ගණනය කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හරහා දීපව්‍යාප්තව සමීක්ෂණයක් සිදුකරන අතර ඊට අනුව මෙම වසරේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වුණා.

2021 වසරේදි 8.2%ක් පැවති කෘශ දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී පවතින්නේ 10.1%ක් දක්වා ඉහළ මට්ටමකදි. දරුවන් 18,420 දෙනෙකු උග්‍ර තීව්‍ර මන්දපෝෂණයට ලක්වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.4%ක් වන අතර මෙලෙස මන්දපෝෂණට ගොදුරුවීම නිසා දරුවන්ට සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් ළමා විශේෂඥ වෛද්‍යවරුන් කරුණු පැහැදිලි කළා.