පාසල් සිසුන් 44කට කොරෝනා..ගුරුවරියක් ඇතුළු 4ක් මරුට..යළි පාසල් වහන්න වෙයි?
තඹුත්තේගම ගුරුගම විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් සිය දෙනකුට කළ රැපිඩ් පරීක්ෂණවලින් තිස්අටදෙනකුට (38) කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ.
ඊයේ (31 වැනිදා) පෙරවරුවේ සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොවිඩ් ආසදිත බවට හඳුනාගෙන ඇත.
මෙම පිරිස අතර ළමයින් නවදෙනකු සිටින බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පවුල් හතළිස්හයක (46) පුද්ගලයන් සියදෙනකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන, පදවිය, තඹුත්තේගම යන ප්‍රදේශවල පසුගිය දින පහක කාලය තුළ සිදුකරන ලද අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් පාසල් ළමයින් 44 දෙනකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එස්.බී. රත්නායක පවසයි.
ඔවුන් අවුරුදු පහත් දහයත් (5-10) අතර වයස් කාණ්ඩයේ පසුවන ළමයින් බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ අතර මොනරාගල බඩල්කුඹුර සහ බිබිල ප්‍රදේශවල පදිංචිව සිටි ගුරුවරියක් ඇතුළු සිව්දෙනෙකු කොවිඩ් ආසාදිත වී මියගොස් ඇත.
මෙම ගුරුවරිය කාත්තන්කුඩි මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.
මේ අතර මතුගම ආනන්ද ශාස්ත්රාලීය ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් තුන්දෙනකු හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට කොරෝනා වැලඳී ඇත.
මේ අතර මොනරාගල සහ බිබිල ප්‍රදේශවලින් පෙරේදා (30 වැනිදා) කොවිඩ් 19 රෝගීන් 47 දෙනකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
බිබිල සහ මැදගම ප්‍රදේශවලින් කොවිඩ් 19 රෝගීන් 19 දෙනකුද මොනරාගල, බඩල්කුඹුර සහ ඔක්කම්පිටිය ප්‍රදේශවලින් රෝගීන් 28 දෙනකුද හමුවී ඇත.
මීට අමතරව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් 32ක් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතා පැවසුවේය.
තවද නිවෙස් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රධාන පුවත්පතකට පැවසුවාය.
ඊයේ (31 වැනිදා) පස්වරුව වන විට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොව්ඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාරදහස් එකසිය තිස්පහක් (4135) වන අතර එය පසුගිය සතියට සාපේක්ෂ්ව වැඩිවීමක් බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
පසුගිය 27 වැනිදා වන විට නිවෙස් ගත ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්දහස් හාරසිය හැට නවයක් (3469) ක් ලෙස වාර්තා විය.
එසේම ඊයේ (31 වැනිදා) පෙරවරුව වන විට ගතවූ පැය විසි හතර තුළ නිසේවල ප්‍රතිකාර ලැබීම සඳහා 1390 දුරකථන අංකයට කොවිඩ් ආසාදිතයන් තුන්සිය විසි හත්දෙනෙකු (327) ලියාපදිංචි වී තිබේ.
මේ අතර, ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් කරුණු නොවිමසා පාසල් යළි විවෘත කිරීමට රජය ගත් තීරණය ඉතා වැරදි සහගත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, 1 - 5 පහ ශ්‍රේණි ආරම්භ කිරීමෙන් අනතුරුව අධ්‍යාපන බලධාරීන් විසින් ලබන 8 වෙනිදා සිට 10 සිට 13 දක්වා ශ්‍රේණි ද ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවය.
මෙය බරපතළ තත්ත්වයක් වන අතර ඒ සම්බන්ධයෙන් යළි අවධානය යොමුකරන ලෙස ජෝසෆ් ස්ටාලින් මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
"ආණ්ඩුව තීරණය කරලා තියෙනවා එළඹෙන 8 වනදා 10, 11, 12, 13 පංති ආරම්භ කරන්න.
නමුත් මුලින්ම ආණ්ඩුව ස්ථාවරව ප්‍රකාශ කළේ අදියර ක්‍රමයට පාසල් ආරම්භ කරනවා කියලා, අදියරත් ප්‍රකාශ කරලා තිබුණා.
දැන් වෙන තීරණයක් අරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ.
ඉතින් ඒක නිසා අපිට තිබෙන ප්රශ්නය තමයි මේ පාසල් ආරම්භ වන න්‍යාය පත්‍රය කුමක්ද කියන කාරණය.
අධ්‍යාපන බලධාරීන්වත් දන්නේ නැතුව තමයි පාසල් ආරම්භවීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ.
විශේෂයෙන් අපි ගත්තොත් 25 වනදා පාසල් ආරම්භ කරෙත් අධ්‍යාපන බලධාරීන්ගේ දැනුවත්කමකින් නෙමෙයි.
8 වෙනිදා පාසල් ආරම්භ කිරීම තීරණය වුණෙත් අධ්‍යාපන බලධාරීන්ගේ දැනුවත්කමකින් නෙමෙයි.
ඒ නිසා මේ පාසල් ආරම්භයේදී අපිට පෙනෙන්නට තිබෙනවා පාර්ශවයන් අතර අන්තර් සම්බන්ධතාවයක් නැහැ කියලා.
පාසල්වල අධ්‍යාපන කටයුතු කරන්නේ, ගුරුවරු විදුහල්පතිවරු ඔවුන්ගේ පැත්තෙන් අදහස් ගැනීමකින් තොරව තමයි මේ පාසල් ආරම්භය සිදුවෙන්නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |