පාසල් වලට සිසුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..
2022 වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන්වන පාසල් වාරය ආරම්භ වන ලබන සඳුදා සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ මෙම වසරේ තුන්වන පාසල් වාරය අවසන් වන ලබන වසරේ මාර්තු 24 වන දිනෙන් පසු පාසල්වල පවතින පුරප්පාඩු මත යොමු කරනු ලබන අයදුම්පත් සළකා බැලීමෙන් පසුව බවයි.
මෙම වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේදී උසස් පෙළ විෂය ධාරා නොමැති පාසල්වල සිසු සිසුවියන් විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත් අදාළ පාසලටම යොමු කළ යුතු අතර, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එම ඉල්ලුම්පත් යොමු නොකරන ලෙසයි අදාළ නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |