පාසල් සිසුවියක් ගැබිනියක් කළ නරුම හාදයා නිවසේදී කළ කැත වැඩේ මෙන්න..

Ministry of Education Sri Lanka
By Aruna Jun 23, 2022 03:23 AM GMT
Aruna

Aruna

Report

පාසල් සිසුවියක් (15) ගැබ් කල එක්දරු පියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

සැකකරු නාවලපිටිය දොලොස්බාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකරුගේ බිරිද බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වත්ත පහල කොටසේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු බිරිදගේ නිවසට පැමිණි අවස්තාවේ බිරිදගේ නැගණිය වන පාසල් සිසුවිය දුෂණයට ලක් කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පාසල් සිසුවිය මේ වන විට සය මසක ගැබිණියක් බවත්, ඇයගේ හැසිරිම් රටාව පිලිබදව සැකසිතු පවුල් සෞඛ්‍ය නිලධාරිනිය එම පාසල් සිසුවිය බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර පරික්ෂා කර බැලිමේදි ඇය සය මසක ගැබිණියක් බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now