සිසුන් සම්බන්ධයෙන් ලබන සතියේ කරන්න යන දේ මෙන්න..

Ministry of Education Sri Lanka
By Aruna Jun 03, 2022 02:20 AM GMT
Aruna

Aruna

Report

2023 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

චක්‍රලේඛ සහ අමාත්‍යංශ විසින් ගනු ලබන ප්‍රතිපත්ති තීන්දු පිළිබඳව පළාත් අධ්‍යාපන බලධාරීන් සඳහා හෙට දිනයේ වැඩමුලුවක් ද පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින ආර්ථික අභියෝග මැද පාසැල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති සමඟ ලබන සතියේදී සාකච්ඡා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩිදුරටත් කියා සිටියා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙම අදහස් පළ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha