පාසල් දරුවන්ට සුබ ආරංචියක්.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරන්නේ, පාසල් බෑග් සහ සපත්තු මිල පහත දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව පාසල් වාරය ආරම්භවීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිලදී ගැනීමේදී දෙමව්පියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බැවින් මෙම තීරණය ගත් බවයි අද (11) ඔහු මේ බව කියා සිටියේ පාසල් බෑග් සහ සපත්තු මිල පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
දැනට සපත්තු සහ බෑග් ආයනයන සම්පූර්ණයෙන් ම අත්හිටුවා ඇති අතර ඒවා දේශීයව නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීම සිදුකෙරේ. අමාත්‍යවරා සඳහන් කළේ එබැවින් ඩොලරය අවප්‍රමාණයවීමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ බෑග් සහ සපත්තු මිල ද පහළ යායුතු බවය.
ඒ පිළිබඳව සොයාබලා සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට අමාත්‍යවරය දැන්වීය.
එසේ මිල පහළ යාමක් සිදුව නොමැති නම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිතුමා දැන්වත්කර මිල අඩුකිරීමට අදාළ ගැලපෙන පිළියමක් සඳහා යොමුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.