පාසල් සිසුවියක් ලිංගික අතවරයට ලක්කළ පාසල් ගුරුවරයාගේ සිදුවීම
කැකිරාව ප්‍රදේශයේ පාසලක සිසුවියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් ක්‍රීඩා උපදේශක ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කැකිරාව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙන්නෙ අදාළ සිසුවියන් හයදෙනා සම්බන්ධයෙන් දඹුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පවත්වා ඇති වෛද්‍ය පරීක්ෂණවල වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
අවුරුදු 14ත් 16ත් අතර වයසේ පසුවන එම සිසුවියන් හයදෙනා ක්‍රීඩා පුහුණුවීම් සිදුකරන අතරවාරයේ මෙලෙස ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කර ඇත.
මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබූ පැමිණිලි පිළිබඳ කැකිරාව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳ සිදුවන ඉදිරි විමර්ශන සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරිය විමසිල්ලෙන් පසුවන බව යි.