පාසල් බෑග් සහ සපත්තු මිල ගැනත් තීරණයක්..
පාසල් බෑග් සහ සපත්තු මිල කඩිනමින් පහළ දැමීම සඳහා පියවර ගන්නා බව ඊයේ (11) මුදල් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
නව පාසල් වාරය ආරම්භ වීමත් සමග දරුවන් වෙනුවෙන් සපත්තු සහ බෑග් මිලදී ගැනීමේ දී මව්පියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ඔහු සඳහන් කර සිටියේ ය.
දැනට සපත්තු සහ බෑග් ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර දේශීය වශයෙන් සිදුකරන නිෂ්පාදන සඳහා ද අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුව ඇත.
එබැවින් ඩොලරයට සාපේක්ෂව දේශීය වෙළඳපොල භාණ්ඩ මිල පහළ යායුතු බවත් මිල පහළ යාමක් සිදුව නොමැතිනම් ඒ සම්බන්ධයෙන් වහාම ජනාධ්පතිවරයා දැනුවත් කර මිල අඩුකිරීමට පිළියම් යෙදිය යුතු බවත් අමාත්‍යවරයා අදාළ නිලධාරින් වෙත උපදෙස් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |