පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය මෙන්න..
ලොකු ලොකු පාසල්වල 60 පැන්න අය තියාගන්න බලපෑම් ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක මෙම වසරේ දී විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන් සඳහා වසරක සේවා දිගුවක් ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් එල්ල වෙමින් ඇතැයි අනාවරණය වේ.
මෙම විදුහල් ප්‍රධානීන් අවුරුදු 60 ඉක්මවන අයයි.
දේශපාලන වශයෙන්, ආගමික නායකයන්ගේ මට්ටමින් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ගේ මට්ටමින් ද මෙම බලපෑම් එල්ල වන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග ‘ප්‍රධාන පුවත්පතකට ඊයේ (29 වැනිදා) පැවසීය.
කෙසේ වුව ද මෙවැනි බලපෑම්වලට යටත් නොවන බවත් මෙම වසරේ විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන්ට කිසිදු හේතුවක් මත සේවා දිගු ලබා නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව තිබේ.
අමාත්‍ය අනුකමිටු යෝජනාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත යොමුකෙරුණි.
අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත්කළ යෝජනා සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල එකඟතාවද පළ වී ඇති බව වාර්තා වේ.
වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර පසුගිය දා පැවැති සාකච්ඡවේ දී සාධනීය තත්ත්වයක් ඇති වු බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.
විසඳුම් ඉදිරිපත් වු වහාම ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව සිටිම, සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරික්ෂණවලින් ඉවත්ව සිටිම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බැහැර වන බව ඔවුන් සඳහන් කළේය.
මේ අතර ගුරු - විදුහල්පති වෘත්තීය සංගම් විසින් සංවිධානය කළ විරෝධතාවලට සහභාගි වු ගුරුවරුවන්ගෙන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
