ශිෂ්‍යත්ව විභාගයට නව කාල සටහනක්..නිවේදනයක් නිකුත් කරයි.

Ministry of Education Sajith Premadasa Grade 05 Scholarship examination Samagi Jana Balawegaya Education
By Aruna Oct 02, 2024 08:16 AM GMT
Aruna

Aruna

Report

ශිෂ්‍යත්ව විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට පියවර ගන්නා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේග නායකත්වය නිවේදනය ඔස්සේ අවධාරණය කර සිටින්නේ, අනාගතයේදී නැවත ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවීමට බලධාරීන් අවශ්‍ය පියවර ගත යුතු බව ත් වර්තමාන ගැටලුව විසඳීමට පියවර ගත යුතු බවයි.

ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීම නිසා දරුවන් සහ මව්පියන් යන දෙපාර්ශ්වය ම පීඩා විඳින බැවින් මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බව හෙතෙම එම නිවේදනය ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ළමුන් 140කට සිදු වූ දේ..ජනපතිට මැදිහත් වන්නැයි වහාම දන්වයි..

ළමුන් 140කට සිදු වූ දේ..ජනපතිට මැදිහත් වන්නැයි වහාම දන්වයි..


මෙම තත්ත්වය නිසා වසර ගණනක් පුරාවට විභාගයට සූදානම් වූ සිසු සිසුවියන් දැඩි කලකිරීමට පත්වී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, විභාගය පැවැත්වීමට පෙර ප්‍රශ්නපත්‍ර පිටවීම නිසා ශ්‍රී ලංකාවේ ජාතික විභාග පද්ධතියේ අවංකභාවය ගැන ජන සමාජය තුළ සැකයක් මතු වී තිබෙන බවයි.