කල් දැමූ උසස් පෙළ විෂයන් සඳහා නව කාලසටහන මෙන්න
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ නව කාලසටහන අද (10) පස්වරුවේ නිකුත් කර ඇත.
එම අනුව, නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි 12 වනදා සිට ජනවාරි 20 වන දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම පාසලේ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.
එසේම ආපදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් පහත දුරකතන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම්වත් කරන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන්.
ක්ෂණික දුරකතන අංකය - 1911 දුරකතන අංක - 0112784537, 0112786616, 0112784208
ෆැක්ස් අංක - 0112784422
විද්‍යුත් තැපෑල - gcealexam@gmail.com සංශෝධිත විභාග කාලසටහන පහතින්
allmed121025-12102025170711 by poornima