ලොවම කළඹමින් සෞදියේ කිං ඛාලිද් ගුවන් තොටුපළට යළිත් ප්රහාරයක්?
නැවත ගුවන් ගමන් ආරම්භ කළ සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි ‘කිං ඛාලිද්’ ජාත්යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කරමින් හූති කැරලිකරුවන් විසින් යළිත් එල්ල කළ බැලස්ටික් මිසයිල ප්රහාරයක් සාර්ථකව ව්යර්ථ කිරීමට සෞදි ආරක්ෂක බලකායන් සමත්ව තිබේ.
පසුගිය 10 වනදා හූති සංවිධානය එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.
අනතුරුව හූති කැරලිකරුවන් විසින් සිදුකළ තර්ජනාත්මක අනතුරු ඇඟවීම් නොතකමින් ගුවන් තොටුපළේ කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟම මෙම නව මිසයිල ප්රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.