බෙංගාල බොක්කේ නිර්මාණය වූ ‘ඔර්නාබ්’ සුළි කුණාටුව හේතුවෙන් මුහුදු රළ මීටර් ගණනක් උස් වේ - දරුණු අනතුරක්

Report

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නාබ්’ සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අද (26) රාත්‍රී 11:30 වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී එය තවදුරටත් තීව්‍ර වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

තත්ත්වය එන්න එන්නම දරුණු වෙද්දී දිස්ත්‍රික් රැසකට වෙන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්

තත්ත්වය එන්න එන්නම දරුණු වෙද්දී දිස්ත්‍රික් රැසකට වෙන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80 ත් 100 ත් දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ද ඇතිවිය හැක.

එමෙන්ම මුහුදු රළ මීටර් 3.0 ත් 4.0 ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.

මධ්‍යම කදුකරය කැළඹෙයි - පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්

මධ්‍යම කදුකරය කැළඹෙයි - පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්

ඒ අනුව, උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම මුහුදු ප්‍රදේශවල රැඳී සිටින ධීවර හා නාවික ප්‍රජාව වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැඩි ලෙස උපදෙස් දෙයි.