ASP උසස්වීම් සම්බන්ධ පෙත්සමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි

Report

2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු දීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ අනුව එම උසස්කිරීම් බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තබා තිබේ .

මෙම පෙත්සම් ඊයේ (17) දින විභාගයට ගෙන ඇත්තේ අගවිනිසුරු වූ ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

2019 වසරේ පැවති සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම සඳහා වූ පරීක්ෂණයට තමන් ද සහභාගි වූ බව පෙත්සම්කාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ප්‍රකාශ කරයි.

sනමුත් එහිදී අපේක්ෂකයින්ට ලකුණු ලබාදීම සඳහා අනුගමනය කළ පටිපාටිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දෙන ලදි.

ඒ වගේම ඒ හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඔවුන් චෝදනා කරන් තිබේ.

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

තවද ඔවුන් පෙන්වා දෙන්නේ එම සිදුකළ පරීක්ෂණවලින් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 232 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කෙරුණු බවයි නමුත් එම උසස් කිරීම් සියල්ල නීතියට පටහැනි ව සිදුව ඇති බව ඔවුන් අනාවරණය කරනු ලබයි.

ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සාදාරණ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

අඩුපීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි

අඩුපීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි