යුද ගිනි යළි උත්සන්න වෙයි - හූති කැරලිකරුවන් එල්ල කළ නවතම ප්‍රහාරයෙන් සෞදියත් යළි උණුසුම් - එක් අයෙක් මරුට - තවත් පිරිකට තුවාල
සෞදි අරාබියේ බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, ඊයේ දින සෞදි අරාම්කෝ සමාගමට අයත් ජාසාන් පිරිපහදුව වෙත එල්ල වූ සතුරු ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එහි ඇතැම් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එසේම මෙම ප්‍රහාරයෙන් නේපාල ජාතික සේවකයෙකු මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.
අමාත්‍යාංශයේ නිවේදනයේ ප්‍රහාරකයා කවුරුන්ද යන්න සඳහන් කර නොතිබුණද, යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින සෞදි අරාබිය ප්‍රමුඛ හමුදා සන්ධානය සඳහන් කළේ, ඉරානයේ සහාය ලබන මෙම කණ්ඩායම විසින් පිරිපහදුව වෙත ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
කෙසේ වෙතත් දෙපාර්ශවය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින පසුබිමක, සෞදි අරාබියේ ප්‍රධාන ස්ථාන ඉලක්ක කර ගනිමින් හූති කැරලිකරුවන් එල්ල කළ නවතම ප්‍රහාරය මෙය වේ.
මීට දිනකට පෙර, සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව සහ බොර තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන රාස් තනුරා වෙත ද, රතු මුහුදේ පිහිටි ජෙඩා සහ ජාසාන් වරායන් වෙත ද ප්‍රහාර එල්ල කළ බව එම කණ්ඩායම ප්‍රකාශ කර ඇත.
මෙම ප්‍රහාරය නිසා ගින්නක් හටගත් නමුත් පසුව එය පාලනය කිරීමට හැකි වූ බව සෞදි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය හරහා නිකුත් කළ නිවේදනයක අමාත්‍යාංශය සඳහන් කර ඇත.
හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් සහ තාක්ෂණික කණ්ඩායම් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, ඔවුන් මේ වන විට සිදුවී ඇති හානි තක්සේරු කරමින් සහ පහසුකම්වල ආරක්ෂාව පරීක්ෂා කරමින් සිටින බව ද එහි වැඩිදුරටත් දැක්වේ.