සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දමයි.. සියලු විස්තර
ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබෙනවා.
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා. ඒ අනුවයි පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12ට අමරතව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා ඇත්තේ. හෙට (07) දිනයේ සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබාගත හැකියි.
ඒ අනුව ටින් මාළු (425g) නව මිල රුපියල් 490ක් වන අතර එහි ඉතිරිය රුපියල් 30ක්ද ලොකු ලූනු 1kg ක නව මිල රුපියල් 97ක් වන අතර එහි ඉතිරිය රුපියල් 22ක්ද පාන් පිටි 1kg ක නව මිල රුපියල් 225ක් වන අතර එහි ඉතිරිය රුපියල් 10ක් ද වනවා.
මීට අමතරව අත්‍යවශ්‍ය ග්‍රොසරි භාණ්ඩ 500කට අධික ප්‍රමාණයක් සඳහා සුවිශේෂී මිල අඩුකිරීම් සහ වට්ටම් ලබාදීමට කටයුතු සලසා ඇති බවද ලංකා සතොස ජනතාවට දැනුම් දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |