අවුරුද්දට සතොසෙන් විශේෂ සහන මල්ලක්..! 700ක සහනයක් - ලැබෙන දේවල් මෙන්න..

Sri Lanka Sathosa Bandula Gunawardhana economic crisis sahana malla
By Sewvandhi Apr 09, 2022 07:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙ‍න් දිවයින පුරා සතොස ශාඛා මගින් අලුත් අවුරුදු සහන මල්ලක් අද (09) සිට ලබාදීමට තීරණය කර තිබේ.

වෙළෙඳ අමාත්‍යංශය විසින් ලබාදීමට තීරණය කර ඇති අදාළ සහන මල්ලට අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් ඇතුළත් වෙයි.

නාඩු සහල් කිලෝග්‍රෑම් 05ක්,

සම්බා සහල් කිලෝග්‍රෑම් 05ක්,

කිරිපිටි ග්‍රෑම් 400ක්,

දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක්,

තේ කොළ ග්‍රෑම් 100ක්

එම සහන මල්ලට අයත් වන අතර එය රුපියල් 1,950ක මිලට අලෙවි කෙරෙයි. වෙළෙඳ අමාත්‍යංශය පැවසුවේ එමගින් රුපියල් 700ක සහනයක් පාරි‍භෝගිකයාට හිමිවන බවය.

මේ අතර අවුරුදු සහන මල්ල ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සතොස අලෙවි ශාඛා අසල අද පෙරවරුවේ දිගු පෝලිම් පැවති බවද අප වාර්තාකරුවන් පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%