අපේ 10 වෙනි වැලන්ටයින් එක මේ පාර පැරිස් වල. කෝටිපති සුද්දෙක් සමඟ විවහා වූ සුරූපි ජනප්‍රිය නිළිය..
සසන්ති ජයසේකර කියන්නේ එක්තරා කාලයක අපේ රටේ හිටපු ජනප්‍රියතම නිළියක්.ටෙලි නාට්‍ය රංගනයෙන් වගේම, චිත්‍රපට රංගනයෙනුත් ඇය හැමෝගෙම ආදරය දිනාගත්තා. ඒත් ඇගේ පුද්ගලික ජිවිතේ ඇතිවුණු අවාසනාවන්ත සිදුවීමක් නිසා ඇය රට හැර ගියා.
කොහොම වුණත්, පසුගිය දවසක ඇය ලංකාවටත් ඇවිත් ගියා.එහිදී ඇය කියා සිටියේ ඉස්සර වගේම තවමත් ජනතාවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවයි.ඒ විතරක් නෙවෙයි ඇයගේ සැමියා ලංකාවේ සිරි නරබන්නත්,දේශීය කෑම වල රහ බලන්නත් හරිම කැමතිලු. බුදු දහම ගැනත් වැඩි සැලකිල්ලක් දකවනවා කියලත් අපිට දැනගන්න ලැබුනා.
ලංකාවේ සංචාරය කරන කොට පන්සල් වලට යන්නත් ගොඩක් කැමති බවත් ඇය කියා සිටියා.නමුත් සිය පවුල සමඟ නැවතත් එංගලන්තය බලා යන බව කියා සිටි සසන්ති නැවත රංගනයට හොද නිර්මාණයක් සඳහා ආරාධනාවක් ලැබුනොත් සතුටින් බාරගන්නා බවත් කියා සිටියා.ඉතින් ඇය ඒ ගැන සහ තම සැමියා යට ලැබුණු විදිහ ගැන ඇය අපට පැවසුවේ මෙහමයි.
මම වසර 20කට පසුව තමයි මේ ලංකාවට ඇවිත් ගියේ. ඇත්තටම එදා වගේම් තමයි අදටත් කිසිම වෙනක් නෑ. හොද ප්‍රතිචාර ලැබෙනවා. ම ස්ටීව් මට මුණගැහුණේ අන්තර්ජාලය ඔස්සේයි. අපි එකම රටේ ජීවත් වුණේ. ඉතින් ඒ ඔස්සේ මුණගැහුණ දෙන්නෙක් ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් ඇය පසුගිය වැලන්ටයින් දවසේ දී ඇයගේ සැමියා සමඟ පැරිස් නගරයට ගොස් තිබෙන බව තමයි ආරංචි වෙන්නේ.
ඉතින් ඒ චාරිකාවේ දී ගත්ත අපුරු ඡායාරූප පෙළක් ඇගේ සමාජ මාධ්‍ය තුළ දැකගන්නට ලැබුනා. ඒ වගේම ඇය ඇගේ ආදරණීය සැමියා වෙනුවෙන් අපූරු සටහනකුත් සඳහන් කරලා තිබුනා. ඒ සටහන තමයි මේ. අපේ දහවැනි වැලන්ටයින් එක මේ පාර පැරිස් වලදී මගේ ලස්සනම මිනිසා ඉදිරියේ. මගේ ජීවිතේ පහත වැටීම් හුඟක් තිබුනා. ඒ හැම මොහොතකම ඔබ මා සමීපයෙන් හිටියා. .
දැන් මාස හතකට කිට්ටුයි. (මල්ලි ගේ වියෝව) ඔයා ගොඩක් ආදරෙන් මගේ කඳුලු පිස දැම්මා. කවදාවත් මගේ හිත රිද්දුවේ නෑ. මම ආයෙමත් මම වෙන්නේ කවදද කියන්න මම දන්නෑ. මම හැමදාම නැගිනකොට මගේ කොටසත් අතුරුදහන් වෙලා වගේ මට දැනෙනවා. මේ මොහොත වෙනකම් ඔයා මට ආදරේ කරන්නෙ මම කවුද කියලා දැනගෙන.
ඉතින් සෑම දිනයක්ම මට හැඟෙන්නෙ ආදරවන්තයන්ගේ දිනක් කියලා. ඔබේ කරුණාව සහ ආදරේ තමයි බබා මාව ඉදිරියට ගෙනියන්නේ. ලෝකවාසී සැමට සුභ වැලන්ටයින් දිනයක් කියලයි එහි ඇය සටහන් කර තිබුනේ.
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |




