මොණර නැටුමින් ආදරය දිනූ සසඳිගේ සංවේදී ජීවිත කතාව (VIDEO )

By Sithumi Aug 14, 2022 05:34 PM GMT
Sithumi

Sithumi

Report
Courtesy: Live@8

කතරගම පෙරහැර මංගල්‍යය අවසන් වුණේ පසුගිය සිකුරාදා මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන්. පෙරහැර අවසන් වුණත් ඒ මතකයන් තවමත් අලුත් වෙන්නේ පෙරහැරේ විචිත්‍රත්වය හින්දමයි. ඒ අතරේ පෙරහැරේ සාම්ප්‍රදායික මොනර නැටුමක යෙදුණු පුංචි දියණියකගේ නර්තනය අද රටම කතා කරන මාතෘකාවක් වෙලා. 

 කතරගම දෙවියන්ට පුද සත්කාර කරමින් ඉෂ්ඨ සිද්ධ කෙරෙන ඓතිහාසික රුහුණු මහා කතරගම පෙරහැර මංගල්‍යයට ඇත්තේ පෞඩ ඉතිහාසයක්. පෙරහැරේ නර්තනාංග අතර කතරගම මේ මොණර නැටුම දුටු දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා අංගයක්.

මෙදා පෙරහැරේ මොනර නැටුමෙ යෙදුණු නර්තන ශිල්පිනියන් අතර ඉන්න මේ දියණිය ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. අහිංසක මුවැත්තියක් නර්තනයකට සමවැදුනාක් මෙන් ඇය දෙවියන් කෙරේ හදපිරි බැතියෙන් සිදුකරන නර්තනයට අද සමාජ මාධ්‍ය තුළද ඇත්තේ ඉහළ ඇල්මක්. එදා නර්තනයේ යෙදුණු සසදි උදයංගනි දියණිය ඉන්නෙ බණ්ඩාරගම මස්විල ගමේ.

පරම්පරා ගත නර්තන උරුමයෙන් නර්තනයට එක්වුණු පසිදිට කතන හැකියාව නොලැබීයාමත් හරිම දෛවෝපගත සිදුවීමක්. පියාගේ කලා ආභාෂයෙන් නර්තනය ප්‍රගුණ කරන පුංචි පසිදි පරම්පරාගත උරුමය කිසිත් නොදොඩාම ඉදිරියට ගෙන යන්නට දැන් සිටම පේ වෙලා. 11 වන වියේ පසුවන පුංචි සසදි නදීකා දිල්රුක්‍ෂි නර්තනාචාර්යවරිය සමඟ හරි හරියට පුහුණුවීම් කරනවා.

මුවින් වදනක් පිට නොවුණත් ලොවට කිසිත් නොදොඩා කලාවටම පෙම් බඳින මේ පුංචි දියණියගේ අනාගතයට කඳසුරිදුගේම පිහිටා ආශිර්වාදයම ලැබේවායි අප ප්‍රර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now