සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල පවසා ඇති බවයි වාර්තා වන්නේ.
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වී සිටින අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වනදා ඇප මුදල් ද තැන්පත් කර තිබුණි.
