ආසියා-පැසිෆික් කලාපයට හොද බලශක්ති සැපයුමක් ලබා දීමට අමෙරිකාවට පුළුවන් - අභ්‍යන්තර කටයුතු ලේකම් කියයි
ඉරාන යුද්ධය හේතුවෙන් කලාපයේ තෙල් සහ ගෑස් සැපයුම අඩාල වී තිබෙන වකවානුවක ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට එක්සත් ජනපදයට හැකි බව අමෙරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් සදහන් කර තිබේ.
ටෝකියෝ නුවර පැවැත්වෙන, කලාපයේ රටවල් 17ක සහභාගීත්වයෙන් යුත් 'ඉන්දු-පැසිෆික් බලශක්ති ආරක්ෂක අමාත්‍ය සහ ව්‍යාපාරික සංසදය' අමතමින් බර්ගම් මේ බව සදහන් කර ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලශක්ති ආධිපත්‍යය (energy dominance) පිළිබඳ ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ ''දේශීය සමෘද්ධිය සඳහා අවශ්‍ය බලශක්තිය අප සතු බව තහවුරු කර ගැනීම සහ අපගේ මිතුරන්ට හා මිත්‍ර රටවලට බලශක්තිය විකිණීමේ හැකියාව ඇති කර ගැනීම" බවත් ලේකම් වරයා තවදුරටත් සදහන් කර තිබේ .
අමෙරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් අවධාරණය කළේ එමගින් කලාපයට විශ්වාසදායක, දැරිය හැකි සහ ආරක්ෂිත බලශක්ති සැපයුමක් සහතික වන බවත්, එය "ත්‍රස්තවාදී පාලන තන්ත්රයක් විසින් අඩාල කළ නොහැකි බවයි
තවද ප්‍රධාන අපනයනකරු වන චීනය මත පවතින යැපීම අවම කිරීමට රටවල් උත්සාහ කරන බැවින්, තීරණාත්මක ඛනිජ සම්පත් (critical minerals) සුරක්ෂිතව සැපයීමේ අවශ්‍යතාව පිළිබඳව ද බර්ගම් මෙහිදී ඉස්මතු කර තිබේ.
මෙම සංසදය පෙබරවාරි 28වැනිදා ඉරානයට එරෙහිව අමෙරිකානු -ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමට පෙර සංවිධානය කරන ලදි .
ඒ වගේම ඔවුන් වාණිජ ගිවිසුම්වලට එළඹීමේ අරමුණින් දේශපාලන නායකයින් සහ අමෙරිකානු බලශක්ති සමාගම් එක්තැන් කරනු ලබයි.