සරත් චන්ද්‍රසිරි ප්‍රවීන කලාකරුවා ගැන පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
ප්‍රවීන රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මිය ගියා යැයි වන ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
කෙසේ වෙතත්, සරත් චන්ද්‍රසිරි අසාධ්‍ය තත්ත්වයේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, පැතිර යන පුවත සාවද්‍ය බවත් හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා අප කළ විමසීමකදී තහවුරු කළා.
එමෙන්ම මේ පිළිබඳ දයාන් විතාරණ මහතා ද නැවත වතාවක් සටහනක් තබමින් දැඩි කලකිරීමෙන් යුතුව කරුණු පැහැදිලි කර තිබුණා.
එම පැහැදිලි කිරීම පහතින්,
සරත් චන්ද්‍රසිරි මියගිය බවට තව දුරටත් පැතිරෙන කටකතා අසත්‍යයක්
.......................... දින ගණනාවක් සිට රෝහල්ගතව සිටින ප්‍රවීණ කලාකරු සරත් චන්ද්‍රසිරි මේ වන විට මියගොස් ඇති බව අද තෙවැනි වතාවටත් පැතිර යන අසත්‍ය කටකතාවන් සාවද්‍ය බව වගකීමෙන් දන්වා සිටින අතර, මේ වන විටත් ඔහු රෝහල්ගතව දැඩි අසාධ්‍ය තත්ත්වයක පසුවෙමින් වුව ප්‍රතිකාර ගනිමින් සිටින බව දන්වමි.
මේ මොහොතේ ඔහු ජීවිත සටනක යෙදෙමින් සුසුම් යදින මොහොතක ඔබේ නිර්ලෝභීව සුව ප්‍රාර්ථනා එක්කරනු වෙනුවට, නිවන් සුව පතමින් අසත්‍ය කටකතා සංසරණය කිරීමට ඉක්මන් නොවන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. ඕනෑම අයෙකු මියගිය බව දැනගත් විගසම කිසිත් සොයාබලා නිවන් සුව, සුබ ගමන් වැනි සටහන් ඵල කිරීමට අප්‍රමාදී මිනිසුන්, ජීවිතය යදිමින් සිටින මිනිසුන්ගේ සුවසෙත ප්‍රාර්ථනා කිරීමට ප්‍රමාද වීම මහත් සේ කණගාටුවකි.
එනිසා සරත් නැවත සුවපත් වෙමින් අප සමග සුපුරුදු ලෙස වෙසීමට පැමිණේවායි අපි එකසිතින් පැතිය යුතු වෙමු.
අනන්ත වූ බුදු ගුණ බෙලෙන් සරත් හට ඉතා ඉක්මණින් කඩිනම් සුවයම අත්වේවා !!!