සාරංගගෙන් වෙන් වී තනිකඩ ජිවිතයක් ගෙවූ උමාලි කඩවසම් පෙම්වතා සමඟ උපන්දිනය සැමරූ හැටි. (PHOTOS)
උමාලි තිලකරත්න කියන්නේ ලංකාවේ ජනප්‍රිය චරිතයක්. නිහතමානී කලාකාරිනියක් වුන ඇය දක්ෂ රංගන ශිල්පිණියක්, ගායන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිණියක්ද වෙනවා. ක්ෂේත්‍ර රැසකින් තම දක්ෂතාවය පෙන්වන ඇය ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිහතමානී චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. වෙනවා.
ඇය නිරන්තරයෙන් රංගනය තුළ දකින්න නොලැබුනත් ඉදහිට හෝ කලාවට සම්බන්ධ වෙන්නේ ඇය තුළ ඇති කලා හැකියාව නිසා. නිදහස් ජිවිතයක් ගෙවන උමාලි ලියන්න කියවන්න ආස කෙනෙක් බව කවුරුත් දන්න කරුණක්. ඇගේ හිතට දැනෙන ඕනිම දෙයක් වචන කරන්න ඇය උපන් දක්ෂතාවයක් ඇති අයෙක්.
නිසදෙස් කෙටි කතා කවි පවා ඇය අතින් ලියවෙද්දි ජිවිතේ කියන දේ දිහා හරි සරල ලෙස දකින්න ඇය පුරුදු වෙලා. ඇය ලියන නිසාම අපි ඇයගෙන් ඇහුවේ දවසක ඇය පොත් ලියන්නියක් වෙයිද කියලා.එයට අපිට ලැබුනේ මෙහෙම පිළිතුරක්”ඒක කියන්න බෑ දැන්ම. හැබැයි එහෙම නොවෙයි කියලා කියන්නත් බෑ.පෞද්ගලිකව මම මේ ගෙවන ජිවිතේ මේ ගෙවන කාලේ අර්ථවත් විදිහට ගෙවන්න කැමතියි.
සම්මාන රැසකින්ම පිදුම් ලබලා ඉන්න උමාලි තිලකරත්න කියලා කියන්නේ නිහතමානී චරිතයක්. ඇය විටින් විට අපිට විවිධ චරිත සමගින් පුංචි තිරය ඔස්සේ වගේම රිදී තිරයෙන් ද දක්නට ලැබෙනවා. පසුගිය දිනවල දී ඇය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ ඇගේ විවාහය දෙදරා යෑමත් සම්බන්ධවයි
.කලා ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වූ සාරංග දිසාසේකර සමඟ විවාහ වූ උමාලි ටික කලක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ ද එයට එතරම් ආයුෂ තිබුණේ නැහැ.ඉතා අවාසනාවන්ත ලෙස එම විවාහ දෙදරා ගිය අතර මේ වන විට සාරංග දෙවන වරට දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වී සිටින අතරම පුංචි දියණියකගේ පියෙක් ද වනවා.ඉතින් ඒ හැමදේටම උමාලි හිතේ කිසිම කහටක් නැතුව මුහුණ දුන්නා. ඇය ජීවිතය තනියම වසර 5ක් තිස්සේ කාලය ගත කරනවා හිහ හදාගනිමින්. දෙමාපියන් වසර පහකට පසු ඇයට මංගල යෝජනාවක් රැගෙනවිත් ඇති බව අපට පසු ගිය කලේ දැනගන්නට ලැබුනා.
මනෝවිද්‍යා මහාචාර්යවරයෙකු සමඟ පෙමින් බැඳී ඇති බවත් නොබෝ දිනකින්ම විවාහ වන බවත් පසුගිය කාලයේ කතාබහක් සමාජයෙන්ම මතුවිය.ඇයගේ විවාහයට පෙර පියා විසින් අධික වටිනාකමකින් යුතු නිවසක් ද ඉදිකර ඇති බවයි සඳහන් වුයේ.මනෝවිද්‍යා විෂය හදාරමින් සිය උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන උමාලි පෞද්ගලික ජීවිතයේ තතු සමාජ මාධ්‍යට එක් නොකරන තරම්ය. නමුත් පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබූ අතර එදින සිය සමාජ මාධ්‍ය ගිණුමට අපූරු ඡයාරූපයක් එක්කර තිබේ
.ඇයගේ පෙම්වතා කවුරුන්දැයි හරියාකාරව නොදක සිටි අතර බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් මතුකරමින් ඇය මෙම ඡායාරූපය එක්කර ඇත.එහි ඇයගේ මව, පියා සහ පෙම්වතා යැයි සිතන පුද්ගලයාද ආදරණීයව පවුලට එක්ව සිටින අයුරු දැකගත හැකිය.ඉතින් විවාහයෙන් පස්සේ පවුල් ජිවිත්ය්ටා මුල්තැන දෙන්න ඇය කටයුතු කරන බව තමයි දැනගන්න ලැබුනේ,ඉතින් මේ ආරංචිය ඇයගේ ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක් වෙනවා නොවනුමානයි