චන්දිමාල් ඉක්මවා යමින් ඔහුගේ ෆේස්බුක් සැමරුමට දෙවැනි නොවූ සාරංගගෙ දිනක්ශි සහ පවුලේ අය එක්ක කරපු instagram සැමරුම (PHOTOS)
සාරංග දිසාසේකර කියලා කියන්නේ වර්තමානයේ දී වැඩිපුරම කතා බහට ලක්වන චරිතයක්. ඒ වගේම තමයි ඔහුගේ රසික රසිකාවියන්ගේ නිරන්තර විවේචන වලටත් අපහාස වලටත් මෑත කාලීනව ඔහුට ලක්වන්නට සිදුවුණා.
නමුත් බොහෝ දෙනෙක් ඔහුට ආදරය කරන බවත් කිව යුතුමයි. කලා ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණ දැවැන්තයෙක් වූ නාරද දිසාසේකරයන්ගේ පුතණුවන් වන සාරංග, පියාගේ අඩි පාරේ යමින් කලා ක්ෂේත්‍රය තුළ සිය රංගන කුසලතාවයත් ගායන කුසලතාවයත් මනාවට ඔප් නංවනවා.
ඔහු රංගනයෙන් දායක වූ සියලුම ටෙලි නිර්මාණයන් සහ සිනමා නිර්මාණයන් රසිකයා ඉතාමත්ම ආදරයෙන් සහ උවමනාවෙන් වැළඳගන්නේ ඒ නිසාමයි. මේ වන විට සිය පළමු විවාහය වූ උමාලි තිලකරත්නට නීතියෙන් දුන් සමු දුන් ඔහු දෙවන වරට විවාහ වන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් සමඟයි. මේ වන විට ඉතාමත්ම සාර්ථක ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන ඔවුන්ට ආදරණීය සිඟිති දියණියක්ද සිටිනවා.
නිරන්තරයෙන්ම මුහුණු පොතේ සහ instagram ගිණුම් ඔස්සේ ඡායාරූප පළ කරන මොවුන්ට රසික රසිකාවියන්ගෙන් විවිධාකාර ප්‍රතිචාර ලැබෙනවා. සමහර ප්‍රතිචාර ඍණාත්මක ඒවා වුවත් ඔවුන් දෙදෙනා ඒවා ගැන සිතන්නට යන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී සමහර ඡායාරූප වලට වැටෙන කමෙන්ට් වලට ඇනුම් පදයකින් පිළිතුරු දෙන්නටත් මොවුන් දෙපළ අමතක කරන්නේ නැහැ.
කෙසේ නමුත් සාරංග දිසාසේකර පසුගිය දිනක දී අපූරු සැමරුමක් කරලා තිබුණා. ඒ සිය instagram ග්‍රාහකයින් 600k පිරීම නිමිත්තෙන් හරි අපූරු සාදයක් ඔවුන් පවත්වලා තිබුණා. ඒ වගේම අපූරු Photo shoot එකක් ගැනීමටත් සාරංග අමතක කළේ නැහැ. නමුත් තාම නම් එහි එක ඡායාරූපයක් පමණයි ඔහු පළ කරලා තිබුනෙ.
ඉතින් ඒ වෙනුවෙන් ඔහුට සුබ පැතුම් එකතු කරන අතරම ඔහුගේත් ඔහුගේ ආදරණීය පවුලේ සියලු දෙනාගේත් ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම ඔවුන් සිතන පතන අයුරින් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |