ලොවම මවිත කරවූ සාරා දිවයිනට..

By Sithumi Dec 28, 2021 11:44 AM GMT
Sithumi

Sithumi

Report

සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා සංචාරයක නිරත වන බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ලොව වටා ගුවන් යානයකින් සංචාරය කල ළාබාලතම කාන්තාව වෙමින් ගිනස් වාර්තාවක් තැබීම සාරා ගේ අරමුණ වෙයි

. 19 හැවිරිදි ඇය 2021 අගෝස්තු මස 18 වැනිදා සිය ලොව වටා සංචාරය ඇරඹුවාය. මහද්වීප 5ක් ආවරණය කරමින් කිලෝ මීටර් 51,000ක් රටවල් 52ක් හරහා ගමන් කිරීම ඇයගේ අරමුණ වෙයි. 2022 ජනවාරි මස මැද වනවිට සිය ගමන නිමා කිරීමට සාරා සැරසෙයි.