දින 20ක් වැහෙන සපුගස්කන්ද පිරිපහදුව.
By Hashini
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (1) පැවසුවේ මේ මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව නඩත්තු කටයුත්තක් සඳහා අත්හිටුවන බවයි.
එහි පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීම සිදු කිරීමට නියමිතයි.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි.