කිලෝ 50ට අඩු පුද්ගලයින්ට නිවසින් බැහැරට ඒම තහනම් කෙරේ - සමාජ මාධ්‍ය කළඹවමින් වීඩියෝවකුත් එළියට එයි - (VIDEO)

By Sewvandhi Sep 16, 2023 01:48 PM GMT
Report

ගුවැන්ඩොං පළාතේ පරිපාලන නිලධාරීන් විසින්, චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ප්‍රචණ්ඩ saola සුළි කුණාටුව නිසා කිලෝ 50ට අඩු පුද්ගලයින්ට පිටතට පැමිණීම තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතට Saola Typhon සුළි කුණාටුව හටගෙන ඇති අතර ඒ නිසා එක් අයෙකු මියගොස් ඇති බවයි.

හොංකොං හි ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථානය සහ චීනයේ ජනාකීර්ණ පළාතක් වන Guangdong නගරයේ සිකුරාදා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර Saola කුණාටුව පැමිණීමත් සමග ව්‍යාපාර, පාසල් සහ වෙළඳපොලවල්ද වසා දමා තිබෙනවා.

එමෙන්ම මේ වනවිට බර කිලෝග්‍රෑම් 50 ට අඩු පුද්ගලයින්ට ගෘහස්ථව සිටින ලෙසත් රජය උපදෙස් දී තිබෙනවා.

ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ කුණාටුව අතරවාරයේ එළියට පැමිණෙන තරුණියක් සැඩ සුළඟට ගසාගෙන යාම නිසා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. තරුණිය සැඩ සුළඟට ගසාගෙන යන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

එම වීඩියෝව පහතින්..?