සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර‍යි

Report

අම්පාර දිස්ත්‍රික්කය නැගෙනහිර වෙරළ තීරයට ආසන්නව පිහිටි සංගමන්කන්ද කාට්ටමඩු වනාන්තරය “වනස්පති” ජාතික වැඩසටහන යටතේ නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

 හෙක්ටයාර 2,695ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම වනාන්තරය වියළි කලාපීය දේශගුණයට ඔරොත්තු දෙන බුරුත, මිල්ල, පළු, වීර සහ දිවුල් වැනි වටිනා දැවමය සහ ඖෂධීය ශාකවලින් යුක්තය.

එය ප්‍රදේශයේ ජෛව විවිධත්වයට විශාල දායකත්වයක් සපයයි.වනාන්තරයේ 30%කට අධික ප්‍රමාණයක් ඝන වනාන්තර ලෙස පවතින අතර, එය පාරිසරික සමතුලිතතාවය සහ ජල පෝෂණය සඳහා ද වැදගත්ය.

ජනතාවට තවත් ගැටළුවක් - IOC ඩීසල් මිලත් ඉහළ යයි

ජනතාවට තවත් ගැටළුවක් - IOC ඩීසල් මිලත් ඉහළ යයි

 ඒ වගේම කාට්ටමඩු වනාන්තරය ලාහුගල ජාතික වනෝද්‍යානය සහ කුමන ජාතික වනෝද්‍යානය අතර පිහිටි වැදගත් “වනජීවී මංතීරුවක්” ලෙසද සැලකේ.

එමඟින් විශේෂයෙන් වන අලි ඇතුලු සතුන්ගේ නිදහස් සංචරණයට අවශ්‍ය වටපිටාව සකසා ඇත මෙම වනාන්තරය ප්‍රදේශයේ වැව් 10කට ජලය සැපයෙන ප්‍රධාන මූලාශ්‍රය වන අතරඑමඟින් වී වගාව මත යැපෙන දහස් ගණනක් ගොවි පවුල්වල ජීවනෝපාය සුරක්ෂිත කිරීමද සිදු කරනු ලබයි.

රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් මිනිස් ක්‍රියාකාරකම් සීමා වන අතර, එමඟින් අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ හැකියාවක් තිබේ.

ඒ වගේම උෂ්ණත්වය වැඩි වන කාලවලදී පවා අවට ප්‍රදේශයේ සිසිලස රඳවා ගැනීමට මෙම වන වැස්ම වැදගත් වේ