මෙන්න මේ දීමනාව ලබා දෙන ක්රම වේදයේ වෙනසක්
ලබන ජූලි මාසයේ සිට වැඩිහිටි දීමනාව බැංකු ගිණුම් ඔස්සේ පමණක් ලබාදීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය තීරණය කර ඇත.
ඒ වගේම ජාතික හැඳුනුම්පත් නොමැති වැඩිහිටියන් තම ප්රදේශයේ ග්රාමසේවා නිලධාරීවරයා හෝ අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි විෂය භාර නිලධාරියා මගින් ඒ පිළිබඳ වැඩි විස්තර ලබා ගන්නා ලෙස වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ .
මේ වන විටත් බැංකු ගිණුම් මගින් වැඩිහිටි දීමනාව ලබා ගන්නා වැඩිහිටියන්ගේ ගිණුම්වලට මාර්තු මාසයට අදාළ දීමනාව බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල මගින් දීමනාව ගනු ලබන ප්රතිලාභීන් සඳහා මෙම මස 9 / 10 සහ 11 යන දිනයන් හිදී දීමනාව ලබාදීමට සැලසුම් කරන කර ඇත.
මේ අතර අඩුආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් ගෙවීමට ද එම කාර්යාලය තීරණය කර තිබේ