වැල්ලවාය මොනරාගල ප්රධාන මාර්ගයේ දරුණු අනතුරක්
වැල්ලවාය මොනරාගල ප්රධාන මාර්ගයේ වරුණගම ප්රදේශයේදී අද (08) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මාළු ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක තවත් ලොරි රථයක් ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මාළු ප්රවාහනය කළ ලොරි රථයේ ගමන් කළ අම්බලන්තොට ප්රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
ඒ අනුව අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක (CCTV) සටහන් වී ඇති අතර, අධික වේගය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරේ.
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.